මධ්‍යම පළාතේ සෙංකඩගල පුරවරයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ අඹතැන්න ග්‍රාමයේ ඉතා සුන්දර පරිසරයක පිහිටන අප පාසල දැයට ගුණ නැණ පිරිසක් දරුවන් රැසක් දායාද කළ විදුහල් මාතාවකි. ද්වීතීක අංශයේ පාසලක් වන අප පාසල 6-13 ශ්‍රේණි අධ්‍යාපන කටයුතු සිදු කරයි. උසස් පෙළ කලා,වාණිජ අංශයෙන්ම ඉගෙනීම් කටයුතු සිදු කරන අප පාසල 1C වර්ගයට අයත් පාසලකි. අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල රැසකට හිමිකම් කියන අප පාසලේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් දරන දරුවන් රැසක් බිහිකළ විදුහල් මාතාවකි
යහපත් නිර්මාණශීලී විශ්ව පුරවැසියෙක් බිහිකිරීම
සියලු ජාතීන්ගේ සංස්කෘතික අගයයන් ගරු කරන යහපත් ගුණාංග සපිරි නිවැරදි දැනුම, කුසලතා ආකල්පවලින් සපිරි නිර්මාණශීලී විශ්ව පුරවැසියන් බිහි කිරීම.