විදුහල්පති පණිවිඩය
එස්.ඒ.එන්.චම්පිකා
තොරතුරු තාක්ෂණයෙන් ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වෙමින් පවතින අවධියක එහි දායකත්වය අධ්‍යාපනයත් පද්ධතියේ ප්‍රගමනය සඳහා ද යොදාගන්නට හැකි වීම ශ්‍රී ලාංකීය ප්‍රජාවක් ලෙස සතුටට පත්විය හැකි කරුණකි.
එහි ප්‍රතිඵලයක් ලෙසින් මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්ටුගස්තොට අධ්‍යාපන කලාපයේ පූජාපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය වන අප පාසල නමින් අන්තර්ජාලය හා සබැඳෙමින් පාසල් වෙබ් පිටුවක් ආරම්භ කරන්නට හැකි වීම පිළිබඳව සතුටට පත්වෙමි.
නවීන තාක්ෂණය හා මුසුවෙමින් මෙතෙක් ඉටු කරමින් පැවැති සියලු කාර්යයන් වඩාත් වේගවත්ව, නිවැරදිව හා ඵලදායිම ඉටු කිරීමට හැකිවේ යැයි විශ්වාස කරමි. යහපත් නිර්මාණශීලී විශ්ව පුරවැසියන් බිහිකිරීමේ දැක්මකින් යුතුව කටයුතු කරන අප පාසල මෙතෙක් ආ ගමන්මග දෙස ආපසු හැරී බලන කල අධ්‍යාපනය,ක්‍රීඩාව,සෞන්දර්යය හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ජාතික ජයග්‍රහණ ලබමින් ගුණ නුවණින් යුතු පරපුරක් දැයට දායාද කර ඇති බව සතුටින් සඳහන් කරමි.
නිමක් නොමැති ක්‍රියාවලියක නිරතවන අප හට වත්මන් සිසු පරපුර ද තොරතුරු තාක්ෂණයෙන්ම දැනුම්වත් කරමින් ප්‍රායෝගික අත්දැකීම් ද ලබා දෙමින් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයන් ඉතා හොඳින් ලබාගැනීමට මෙම පාසල් පිටුව ඉවහල් වේ යැයි අපේක්ෂා කරමි. නව ලෝකයේ ජය කෙහෙළි නංවන පුතුන් දැයට දායාද කරන්නට මෙතුළින් අසීමිත ශක්තියක් අප වෙත ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.
එස්.ඒ.එන්.චම්පිකා
විදුහල්පති
මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය.





