නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඩබ්. එස්. එම්.වී.සී. සෙනවිරත්න මෙය
කාලීන අවශ්‍යතාවක් ව පැවති පාසල් නිල වෙබ් අඩවිය දියත් කිරීම පිළිබඳ මා ඉමහත් සතුටට පත්වන අතර ඒ සඳහා උර දුන් සියලු දෙනා හට ස්තුතිවන්ත වෙමි.මෙම වෙබ් අඩවිය හරහා පාසලේ දැක්ම හා මෙහෙවර වඩා කාර්යක්ෂම ලෙස පාසල් ප්‍රජාව වෙත සමීප කළ හැක.
තවද මේ හරහා තත්‍යකාලීන තොරතුරු ලබා ගැනීමට හැකි වීම නිසා පාසලේ විනිවිද භාවය හා වග වීම තහවුරු වන අතර එමඟින් පාසල හා ප්‍රජාව අතර සම්බන්ධතාව වැඩි දියුණු වනු ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස සිසු දරුවන් හට වඩා ඵලදායි ඉගෙනුම් අවස්ථා සම්පාදනයට හැකිවනු ඇත. එමගින් වැඩ ලෝකයට ගැලපෙන විසික්වන සියවසයේ පවතින අභියෝගවලට නොබියව මුහුණදිය හැකි සමබර පෞරුෂයකින් යුතු පුද්ගලයින් බිහිවනු ඇත. එම සත්කාරයට උරදීම සඳහා මෙම වෙබ් අඩවිය හරහා වඩ වඩා අප හා සම්බන්ධ වන ලෙස පාසලේ සියලුම පාර්ශව කරුවන් වෙත ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.
ඩබ්. එස්. එම්.වී.සී. සෙනවිරත්න මෙය
නියෝජ්‍ය විදුහල්පති
මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය.





