මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

10-11 ශ්‍රේණි පොළ

1234.png
1234.png

ඉතා මනරම්  වූ සුන්දර කඳු ගැටයක පිහිටා ඇති අප පාසල රාජ්‍ය වර්ෂ 1938 සැප්තැම්බර් මස 8 වන දින අඹතැන්න සුධර්මෝදය විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මහනුවර ශ්‍රී පුෂ්පදාන සමාගම විසින් ආරම්භ කරන ලදී.ඉතා කෙටි කාලයකින් සිසුන් පන්සිය විසි පහක් වූ දක්වා වර්ධනය වූ අප පාසල අඹතැන්න සුධර්මෝදය විහාරස්ථානයේද අධ්‍යාපනික කටයුතුයි කරගෙන යාමට ප්‍රමාණවත් ඉඩකඩ මදි විය.

මේ අවස්ථාවේදී මැදවල බෝතොට රජ මහා විහාරස්ථානයට අයත් මෙම වලව්වත්ත අක්කර 4 ක භූමිය එවක වැඩ සිටින අඹතැන්න විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ හා ගම්මුන්ගේ ඉල්ලීම පරිදි බෝතට විහාරස්ථානය විසින් මහනුවර ශ්‍රී පුෂ්පදාන සමාගමට ලබා දෙන ලදී.

ඒ අනුව වර්තමානයේ පවතින ස්ථානයට පාසල ගෙන එන ලද්දේ 1951/01/09 දිනය. එවකට පාසල හැඳින්වූයේ මහනුවර ශ්‍රී පුෂ්පදාන  සමාගමේ අඹතැන්න ශාඛාව  නමිනි.1963/11/25 වන දින විද්‍යාලය රජයට පවරා ගැනීම සිදු විය. එතන් සිට අඹතැන්න ශ්‍රී පුෂ්පදාන කනිෂ්ඨ විද්‍යාලය නමින් හැඳින්වූ අතරින් පසුව මහා විද්‍යාලයක් බවට පත් විය.