පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්(6-13)
- සෑම කනිෂ්ඨ ශිෂ්‍යයෙකුම නිල් කොට කලිසමකින් හා සුදු අත් කොට කමිසයකින් සැරසී පාසලට පැමිණිය යුතුයි.
- සෑම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකුගේම නිල ඇදුම වන්නේ සුදු දිග කලිසම හා සුදු අත් කොට කමිසයයි
- පිරිමි ළමුන්ගේ කමිස සාක්කුවේ උඩ පාසල් නිල ලාංජනය මසා තිබිය යුතුයි.සියලුම පිරිමි ළමුන් කළු සපත්තු හා කළු මේස් ඇඳිය යුතුයි.
- සියලුම ශිෂ්‍යයින් කොණ්ඩය කොටට කපා හොඳින් පීරා සකස් කර තිබිය යුතුයි .ජෙල් පාවිච්චිය සපුරා තහනම් වේ.හිස මුඩු කිරිම හා හිස වර්ණ කිරිම නොකල යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (6-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.







