මහ/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය සැම ශිෂ්‍ය ශිෂ්‍යාවක
විසින් පිළිපැදිය යුතු නීති මාලාව.
01 - පෙ.ව. 7.15ට පෙර පාසලට පැමිණිය යුතුය.
02 - තම තමන්ට නියමිත කොටස් පිරිසිදු කිරීම පාසල ආරම්භ කිරීමට පෙර නිසි පරිදි කල යුතුය.
03 - උදෑසන රැස්වීමට සියලු සිසුහු සහභාගී විය යුතු අතර නියමිත පෙලිවලටම ගමන් කල යුතුය.
04 - පාසල් අවසන් වී ආපසු යාමේදී ද නියමිත පේලි වලට ගමන් කළ යුතුය.
05 - පාසල් නිල ඈදුමට අදාල කොටස් සහිතව, නියමිත පිළිවෙළට ඇඳිය යුතු අතර එය පිරිසිදුව තබා ගත යුතුය.
06 - පිරිමි ළමුන් කළු සපත්තු හා මේස් පැළදිය යුතුය.
07 - ගැහැණු ළමුන් සුදු සපත්තු හා මේස් පැළදිය යුතුය.
08 - පිරිමි ළමයි කොණ්ඩය කොටට කපා පැත්තට පිරිය යුතුය.
09 - ගැහැණු ළමයි කොණ්ඩය දිගනම් මැදින් රොද යොදා කරල් දෙකකට ගොතා සුදු රිබන් දෙකකින් බැදිය යුතුය.
10 - ගුරු මහත්ම මහත්මියන් පවරණ විෂය හා විෂය සමගාමී මෙන්ම විෂය බාහිර කටයුතු ද නිසි පරිදි ඉටු කල යුතුය.
11 - උදෑසන ආගමික වතාවත්, විවේයෙන් පසු භාවානා කිරීම, පාසැල අවසන් වී යාමේදී ගයනා කරනු ලබන ඡත්තමනාවක ගාථා වැනි ආගමික කටයුතු නිසි පරිදි මානා සංවරකමින් ඉටු කල යතුය.
12 - දිනපතා පාසල් පැමිණිය යුතු අතර පාසල් නොපැමිණි දිනයක් වේ නම් ලිපියක් රැගෙන ආ යුතුය.
13 - අනෙකුත් සිසුන් සමග සහයෝගයෙන් කටයුතු කළ අතර ළමුන්ගේ හාණ්ඩ සොරකම් කිරීම, විනය විරෝධි කටයුතු වල යේදීම නොකළ යුතුය.
14 - නියමිත කාලච්ඡේදවල පන්ති තුලම රැදීය යුතු අතර පාසල් භුමිය තුල නිකරුනේ ගැවැසිම නොකළ යුතුය.
15 - පාසලෙහි ශිෂ්‍ය නායක නායිකාවන්ගේ උපදෙස් පිළිපැදිය යුතුය.
16 - පාසලට අගෞරවයක් වන ආකාරයේ කිසිම ක්‍රියාවක නිරිත නොවිය යුතය.
17 - පාසල තුල සාමුහිකව සුහදව, විනය ගරුකව කටයුතු කල යුතුය.
18 - විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලයට අවනතව කටයුතු කල යතුය.





