මප/කටු/අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය

නිර්මාතෘවරු

10-11 ශ්‍රේණි පොළ

1234.png
1234.png

1938 සැප්තැම්බර් මස 8 වන දින අඹතැන්න සුධර්මෝදය විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මහනුවර ශ්‍රී පුෂ්පදාන සමාගම විසින් ආරම්භ කරන ලදී.ඉතා කෙටි කාලයකින් සිසුන් පන්සිය විසි පහක් වූ දක්වා වර්ධනය වූ අප පාසල අඹතැන්න සුධර්මෝදය විහාරස්ථානයේද අධ්‍යාපනික කටයුතුයි කරගෙන යාමට ප්‍රමාණවත් ඉඩකඩ මදි විය.මේ අවස්ථාවේදී මැදවල බෝතොට රජ මහා විහාරස්ථානයට අයත් මෙම වලව්වත්ත අක්කර 4 ක භූමිය එවක වැඩ සිටින අඹතැන්න විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ හා ගම්මුන්ගේ ඉල්ලීම පරිදි බෝතට විහාරස්ථානය විසින් මහනුවර ශ්‍රී පුෂ්පදාන සමාගමට ලබා දෙන ලදී.

ඒ අනුව වර්තමානයේ පවතින ස්ථානයට පාසල ගෙන එන ලද්දේ 1951/01/09 දිනය. එවකට පාසල හැඳින්වූයේ මහනුවර ශ්‍රී පුෂ්පදාන  සමාගමේ අඹතැන්න ශාඛාව  නමිනි